Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මේරීම කියන්නේ මොකක්ද?

What is ovulation?

doctor , Dimba merima Yanu Kumakda , Pahadanna , Thank you.

අසන ලද්දේ: di*** · වයස 29

ඩිම්බ කෝෂවල තිබෙන ප්‍රාථමික ඩිම්බ සෛලයක් සංසේචනයකට සුදුසු මේරූ ඩිම්බ සෛලයක් බවට පත්වීමේ ක්‍රියාවලිය ඩිම්බ මේරීම ලෙස හඳුන්වනව. මෙය සිදු වෙන්නෙ තරලයෙන් පිරුනු වතුර බබුලක් වැනි ෆොලිකල් එකක් ඇතුලේ. ඒ නිසා එය වර්ධන වෙන ආකාරය ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීමට හැකියාව තිබෙනව.