Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගනීද?

Can sperm near the vagina during a period cause pregnancy?

ඩොක්ටර් මට වයස 22යි මං මගේ bf එක්ක මට ඕසප් වී තුන්වෙනි දවසේ එකතු උනා නමුත් අපි සංසර්ගයෙ යෙදුනේ නෑ. ලිංගය මාගෙ යෝනියෙ ඇතිල්ලුවා පමනයි. මගෙ කන්‍යාපටලයට කිසිදු හානියක් සිදු වී නෑ මේ මාගෙ පලපු අත්දැකීමයි . මට බියක් තියෙන්නෙ ඕසප් වී ඉන්නා විට ශුක්‍රානු තැවරුන නිසා යෝනිය ගාව ගැබ් ගනීද කියලා

අසන ලද්දේ: is*** · වයස 22

කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. මේ සඳහා ලිංගික සංසර්ගය හෝ කන්‍යා පටලයට හානි වීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔසප් වීමේ තුන්වන දින ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.