ප්‍රශ්නය
වෛද්‍යතුමනි, දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. මගේ සැමියාට පැපොල රෝගය වැලදීම හේතුවෙන් එම කාර්යය පමා කලා. පැපොල රෝගය වැලදී කොපමණ කාලයක් සිටින්නට අවශයිද නැවතත් දරුවෙක් ගැන සිතීමට. එක් වෛද්‍යවරයෙක් පැවසුවේ මාස 3 ක කාලයක් පමණක්වත් දරුවෙක් ගැන සිතීම පමා කල යුතු බවයි. මෙය සත්‍යද? (සැමියාට පමණයි රෝගය වැලදුනේ)
පිළිතුර
නැහැ. ඔබට දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. පැපොල රෝගය ගර්භණී කාලය තුල ඔබට වැළඳීමෙන් පමණයි දරුවාට යම් බලපෑමක් විය හැක්කේ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
http://www.vog.lk/422-chickenpox.php