Skip to main content
ප්‍රශ්නය

කලලයක් නැතුව මුත්‍රා ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ කොහොමද?

How can a pregnancy test be positive with no baby inside?

මම බැදලාඅවුරැදු 4 වෙනවා බබාල නැත.ඒකට පුතිකාර ගත්තා.ඩිමිබමෙිරිම සදහා පෙති වර්ගයක් සහ එන්නත් මාස කිහිපයක් ලබා ගත්තත් පුතිඵලයක් නැති නිසා මට ලැපරොස්කොපි පරික්ෂනයක් කිරිමට අවශ්‍ය බව වෛද්‍යවරයා කිවිවා .නමුත් එය කිරිමට කලින් මෙන්සස් විම මාස දෙකක් පමා වු නිසා සහ මට කෑම අප්‍රයබව කැරකවිල්ල වගේ නිසා මුත්‍ර පරික්ෂනයක් කර(HGC strip )එකකින් එය positiv නිසා පසුව vog වෛද්‍යවරයා හමුවිමට ගියා සති 9න්. ස්කැන් පරික්ෂාවෙන් හරියට බබෙක්ද කියලා පෙන්නුනේ නෑ. නැවත සති 2 1/2 නැවත ස්කැන් කල පසු වෛද්‍යවරයා කිවිවා ඒ කලලයක් නොවන බවත් පොඩි ගෙඩියක් බව.පසුව හොස්පිටිල් නැවතිලා මගේ womb washකරා.මට දැන ගන්න ඔින ඔබ තුමාගෙන් මෙි තත්වය කුමක්ද සහ කලලයක් නොවන අවස්ථාවලදිත් මුත්‍ර පරික්ෂනය පොසිටිවි වෙන්නේ කොහොමද? මට නැවත බබෙක් හදාාගන්න මෙි තත්වය බලපායිද .ඉක්මන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි. ස්තුති

අසන ලද්දේ: අන*** · වයස 26

සමහරවිට Molar pregnancy වැනි තත්වයන් නිසා මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. ඔබට තිබූ තත්වය කුමක්දැයි හරියටම නොදන්න නිසා පැහැදිලි පිළිතුරක් ලබා දීමට අපහසුයි. මේ ගැන වැඩි විස්තර ඔබේ වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න.