නම: pa*** | වයස: 22
ගැටළුව

වෛද්‍යතුමනි . ඔබ කලින් ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු වලට ස්තුතියි.මම දැන් මාස 5ක ගැබිණියක් වෙමි.මට රෑට නින්දේදී කිහිපවාරයක්ම කකුලේ කෙණ්ඩා පෙරලෙන ස්වභාවයක් සමග ලොකු වේදනාවක් එනවා.මෙය කීපවරක්ම රාත්‍රියේදී එනවා .මෙය කුමන තත්වයක්ද ?මෙය ඇතිවන්නේ කෙසේද ?ඇතිවූ විට කල යුත්තේ කුමක්ද?

පිළිතුර


ගර්භණී කාලයේදී කෙන්ඩා පෙරලීම බහුලව ඇති වෙන තත්වයක්. මෙයට හේතුව පැහැදිලි නැහැ. වැඩිපුර දියරවර්ග පානයට ගැනීමටත් කැල්සියම් පෙති ලබා ගැනීමත් මෙය අඩු කර ගැනීමට හේතු වෙනව. කෙන්ඩා පෙරලීමකදී එම මාංශ පේශිය ඇදෙන ලෙස කකුල දිග හැරීමෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)