Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, ගර්භනි සමයේ ගත යුතු යකඩ හා කැල්සියම් පෙති දවසේ කවර වේලාවක කවර ආකාරයකට ලබා ගත යුතුද ?ෆාමසියෙන් ලබා ගන්නා යකඩ පෙති වල ෆෝලික් ඇසිඩ් අඩංගු යැයි සදහන් නිසා ෆෝලික් ඇසිඩ් පෙති භාවිතා කල යුතුද?

අසන ලද්දේ: sa*** · වයස 28 · 1325 views

පිළිතුර

යකඩ සහ ෆෝලික් ඇසිඩ් දෙකම අඩංගු පෙති ලබා ගන්නා විට වෙනම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට අවශ්‍ය නැහැ. යකඩ පෙති සහ කැල්සියම් පෙති එකවර ගැනීම සුදුසු නැති නිසා පහසු වේලාවන් දෙකක් වෙන් කර ගෙන මේවා වෙන වෙනම ලබා ගන්න.