Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

පසුගිය නොවැම්බර් මාසයේ දී මාගේ ප්‍රථම දරුවා ඉපදුණා. එයා ඉපදුණේ සති 28 සම්පූර්ණවීඹටත් දින දෙකක් තිබියදී. පසුව ඔහු ප්‍රතෘති තතත්වයට පත්වීමට මාස දෙකක් පමණ රෝහල්ගත ව සිටීමට සිදු වුණා. එහිදී මාගේ මෙන් ම දරුවාගේ ද cmv positive කියා දැනගන්නට ලැබුණා. ඒ සඳහා ප්‍රතිකාර කිසිවක් අවශ්‍ය නොවන බවයි වෛද්‍ය නිර්දේශය වූයේ. දරුවා සාමාන්‍ය ප්‍රසූතියකිනුයි ඉපදුනේ. මා හට එම අවස්ථාවේ කිසිදු අසනීප තතත්වයක් තිබුණේ නැහැ. සර් නැවත වරක් මා දරු පිළිසඳ ගැනීමක් සිදු වූවාට ප්‍රශ්නයක් නොවේද? එසේ පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් වෛරසය එම දරුවාට හානිකර වනවාද? එමෙන් ම දරු උපතෙන් අනතුරුව මා හට මාස 4කින් අනතුරුව ඔසප් වීම සිදු වූවත් ඔසප් නැවතීම සඳහා මාසයක පමණ කාලයක් ගතවේ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතූ අවස්ථාවේ දී ඔහුගේ නිර්ද්ශය වූයේ උපත් පාලන පෙතියි. නමුත් ඒ සඳහා මාගේ කැමැත්තක් නොමැත ඒ සඳහා වෙනයම් ක්‍රියාමාර්ගයක් නැද්ද?

අසන ලද්දේ: di*** · වයස 31 · 353 views

පිළිතුර

CMV රෝගය දිගටම පවතින්නේ නැහැ. නමුත් කලාතුරකින් මෙය නැවත මතුවිය හැකි නමුත් ඉන් දරුගැබට හානියක් ඇතිවෙන බවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. උපත් පාලන පෙති වෙනුවට ලබා ගත හැකි හෝමෝන ඖෂධ වර්ග තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා ගේ උපදෙස් අනුව ඒවා ලබා ගත හැකියි.