නම: Ch*** | වයස: 27
ගැටළුව

ඔබගේ මෙම page 1 සියලුම මව්වරුන්ට සහා ගැබිනි මව්වරුන්ට ඉතා වටිනා උපදෙස් ලබා දෙන්නකි.ඒ පිළිබඳව ප්‍රථමයෙන් ඔබලාට ස්තුතිය පල කරමි. මා මාස 10 ක දුවෙක්ගේ අම්මා කෙනෙක්.ගර්භනී කාලයේ මගේ බර 16kg කින් වැඩි උනා.මේ වන විට බර 70kg.. උස 153cm. ඉතා අවලස්සන පෙනුමක් දැන් මට අවිත්. කරුණාකර මට උපදෙස් දෙන්න 1. මා කෑම පාලනය කලාට කමක් නැද්ද දූ තාම කිරි බොන නිසා. 2. එසේ පාලනය කරන්නේ කෙසේද?? ඔබගේ පිලිතුරු අපේක්ෂාවෙන් සිටිමි .. ස්තුතියි...

පිළිතුර


මවුකිරි දෙන අතර තුර කෑම පාලනය කල හැකියි. ඊට අමතරව දිනපතා ව්‍යායාම වල යෙදෙන්න. තෙල් සහ සීනි අඩංගු ආහාර ගැනීමෙන් හැකි තාක් වලකින්න. පිටි ආහාර පුළුවන් තරම් අඩුවෙන් ආහාරයට ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)