නම: La*** | වයස: 25
ගැටළුව

Mage daruwa masa 8n nathi una. hethuwak hoyaganna bari una.sathiyak withara idala baba dagalanawa aduwen danune.eka paththakata awith thada wenawa wage witharai danune. ppbs, hb normal.daruwek e wayasedi nathi wenna balapana hethu monawada.

පිළිතුර


මල දරු උපත් වලින් 50%කටම හේතුවක් හොයා ගන්න බැහැ. ප්‍රසූතියෙන් පසුව මරණ පරීක්ෂණයක් සිදු කලේ නම් සමහර විට හේතුවක් සොයා ගත හැකි වෙනව. දරුවාගේ අවයව සියල්ල තනිවම ජීවත් විය හැකි පරිදි සැකසී නැත්නම් එවැනි දරුවන් ගර්භාෂය තුලම හෝ ඉපදී සුළු කාලයකදී මිය යනව.

මවගේ රෝගී තත්ව නිසාත් දරුවන් මිය යන අවස්ථා තිබෙනව. අධික රුධිර පීඩනය සහ සංකූලතා, දියවැඩියාව, රුධිර කැටි ගැසීම සම්බන්ධ අසාමාන්‍යතා සහ අක්මාව ආශ්‍රිත රෝගී තත්ව මින් සමහරක්.

මවගේ සිට දරුවාට ඔක්සිජන් සහ පෝෂණය ලැබෙන්නේ වැදෑමහ හරහා පෙකණි වැල තුලින්. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවගේ වර්ධනය අඩුවීම හෝ මිය යෑම සිදු වන්න පුළුවන්. මෙවැනි සමහර තත්ව කලින් ස්කෑන් පරීක්ෂාවක් මගින් හඳුනා ගෙන නැවත එවැනි තත්වයක් ඇති වීමේ ඉඩකඩ අඩුකර ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)