මාස 8කදී කුස තුළ දරුවා නැති වෙන්න හේතු මොනවාද?
What causes a baby to die in the womb at 8 months?
Mage daruwa masa 8n nathi una. hethuwak hoyaganna bari una.sathiyak withara idala baba dagalanawa aduwen danune.eka paththakata awith thada wenawa wage witharai danune. ppbs, hb normal.daruwek e wayasedi nathi wenna balapana hethu monawada.
මල දරු උපත් වලින් 50%කටම හේතුවක් හොයා ගන්න බැහැ. ප්‍රසූතියෙන් පසුව මරණ පරීක්ෂණයක් සිදු කලේ නම් සමහර විට හේතුවක් සොයා ගත හැකි වෙනව. දරුවාගේ අවයව සියල්ල තනිවම ජීවත් විය හැකි පරිදි සැකසී නැත්නම් එවැනි දරුවන් ගර්භාෂය තුලම හෝ ඉපදී සුළු කාලයකදී මිය යනව.
මවගේ රෝගී තත්ව නිසාත් දරුවන් මිය යන අවස්ථා තිබෙනව. අධික රුධිර පීඩනය සහ සංකූලතා, දියවැඩියාව, රුධිර කැටි ගැසීම සම්බන්ධ අසාමාන්‍යතා සහ අක්මාව ආශ්‍රිත රෝගී තත්ව මින් සමහරක්.
මවගේ සිට දරුවාට ඔක්සිජන් සහ පෝෂණය ලැබෙන්නේ වැදෑමහ හරහා පෙකණි වැල තුලින්. වැදෑමහ නිසි ලෙස වර්ධනය නොවන අවස්ථාවක දරුවගේ වර්ධනය අඩුවීම හෝ මිය යෑම සිදු වන්න පුළුවන්. මෙවැනි සමහර තත්ව කලින් ස්කෑන් පරීක්ෂාවක් මගින් හඳුනා ගෙන නැවත එවැනි තත්වයක් ඇති වීමේ ඉඩකඩ අඩුකර ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?