Skip to main content
ප්‍රශ්නය

Duinum පෙති දෙන්නේ මොන රෝගී තත්වයටද? ඒක හරි යයිද?

Why is Duinum given, and will it work?

Doctor mama vog kenek lagata giya.mata DUINUM 50mg dawas 5 k bonna kiwwa.meka biwwata passeth mensas hedunoth scan ekak karanna oni kiwwa.
Doctor e beheth ekata hari yaida.eka denne kumana rogi thathwayak nisada?
ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න.thank you

අසන ලද්දේ: Ay*** · වයස 27

මෙම ඖෂධය ලබා දෙන්නේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය ලෙස ඩිම්බ පිට වෙන්නේ නැතිනම් එය උත්තේජනය කරන්න. ඉන් පසු මෙහි ක්‍රියාකාරිත්වය දින 11ත් 12ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් බැලිය හැකිය. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි. ලබා දෙන ප්‍රතිකාර අනුව සාර්ථක වීමේ හැකියාව වෙනස් වෙනව. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ.