නම: Ay*** | වයස: 27
ගැටළුව

Doctor mama vog kenek lagata giya.mata DUINUM 50mg dawas 5 k bonna kiwwa.meka biwwata passeth mensas hedunoth scan ekak karanna oni kiwwa. Doctor e beheth ekata hari yaida.eka denne kumana rogi thathwayak nisada? ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න.thank you

පිළිතුර


මෙම ඖෂධය ලබා දෙන්නේ ඩිම්බ කෝෂවලින් සාමාන්‍ය ලෙස ඩිම්බ පිට වෙන්නේ නැතිනම් එය උත්තේජනය කරන්න. ඉන් පසු මෙහි ක්‍රියාකාරිත්වය දින 11ත් 12ත් අතර ස්කෑන් පරීක්ෂණයකින් බැලිය හැකිය. එහි ප්‍රතිඵල අනුව වැඩිදුර ප්‍රතිකාර තීරණය කල හැකියි. ලබා දෙන ප්‍රතිකාර අනුව සාර්ථක වීමේ හැකියාව වෙනස් වෙනව. කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)