Ovidac එන්නත ගත්තත් ගැබ් නොගත්තේ ඇයි?
Why didn't I get pregnant after the Ovidac injection?
මම ජුනි මාසේ 21 වෙනිද ovidac injection එක ගත්තා. දින 14ක් progesterone hormone පෙතිද ලබාගත්තා. ජුනි මස 10වෙනිද තමා periods හැදුණෙ. මෙම මසත් ඔසප්වීම 7වෙනිදා සිදුවූ නමුත් එය ඉතා සුළු වශයෙනි. එමෙන්ම එහි පැහැයද කළු පැහැති විය. අද දින මා urine test කළ නමුත් එය negative විය. මෙලෙස ovidac injection එකෙන් පසුවත් ගැබ් නොගැනීමට හේතුව කුමක් විය හැකිද වෛද්‍යතුමනි? මට මේ වන විට අවුරුදු 4ක දියණියක්ද සිටින අතර දෙවන දරුවෙකු බලාපොරොත්තුවෙන් තමා ප්‍රතිකාර ගනු ලබන්නෙ. එමෙන්ම පළමු දරුවා ලැබීමෙන් පසු මා කිසිදු පවුල් සැලසුම් ක්‍රමයක්ද ලබා නොගත්තෙමි.
කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ. එන්නත මගින් කරන්නේ ඩිම්බ පිටවීම පමණක් නිසා එක් මාසයකදී ගැබ් ගැනීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක්. ඔසප් වීම ඉතා සුළු නිසා සතියකින් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව දිගටම ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?