Skip to main content
ප්‍රශ්නය

යෝනියෙ ඇතුළෙ ගෙඩියක් වගේ දැනිලා තදට රිදෙනවා, මොකද කරන්නේ?

Severe pain and a lump feeling in the vagina, what should I do?

යෝනි මාර්ගය ඇතුලෙන් අදික වෙදනාවක් එනවා. ඇතුලෙන් ගෙඩියක් තියන්වා වගෙ. මට වෙදනාව නිසා වැඩ කරන්න හරිම අපහසුයි. කොන්ද, පපුව රිදෙනවා. ඉන දෙපැත්තත් හිර වෙනවා වගෙ

අසන ලද්දේ: A.*** · වයස 22

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. යෝනි මාර්ගය තුල ගෙඩියක් වැනි දැනීමක් සමග තද වේදනාවක් ඇති නම් ඊට හේතුව සොයා බැලීමට පරීක්ෂාවක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. වේදනාව ඉතා තද වුණොත් වහාම රෝහලට යන්න.