Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින තුනකින් එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant from sex three days after my period?

මෙන්සස් වෙලා දවස් ​තුනකට විතර පස්සේ මොනවත් use නොකර එකතු උනාම ප්‍රශ්නයක් වෙනවද. ශුක්‍රානු යෝනිය ආශ්‍රිතව ගෑවුනාම pregnant වෙන්න පුලුවන්ද.

අසන ලද්දේ: Ne*** · වයස 24

පුළුවන්. ඔසප් වීමෙන් දින තුනකට පසු ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු වුවත් ඔසප් චක්‍රයේ ඕනෑම දිනක ගැබ් ගැනීමක් සිදු විය හැකියි. ගැබ් ගැනීමට අවශ්‍ය වෙන්නේ ශුක්‍රාණුවක් පමණක් නිසා යෝනි මාර්ගය අසල ශුක්‍රාණු තැවරීමෙන් වුවත් සුළු අවදානමක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.