ඔසප් චක්‍රයේ 21 වෙනි දින එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant from sex on day 21 of my cycle?
මම මෙන්සස් වුණේ ඔක්තෝබර් 6. පළමු වතාවට ලිංගිකව එකතු වුණා ඔක්තෝබර් 26. නැවත මෙන්සස් වෙන්න තිබුණේ නොවැම්බර් 4. ඔක්තෝබර් 28 ඉඳලා පියයුරු වේදනාව, බඩේ වේදනාව, කොන්දේ වේදනාව තියෙනවා මෙන්සස් වලට කලින් දැනෙන වේදනාව වගේ. නමුත් නියමිත දිනට මෙන්සස් වුණේ නෑ. මට දින 28න් මෙන්සස් වීම සිදු වේ. සරු දින වල එක් වීමක් නොවුන නිසා ගැබ් ගැනීම සඳහා අවස්ථාවක් තිබේද ? මානසික ආතතිය හා ලිංගිකව එක් වූ පළමු අවස්ථාව නිසා මෙන්සස් ප්‍රමාද විය හැකිද?
ඔසප් චක්‍රයේ 21 වෙනි දින ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් එය සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. මානසික ආතතිය නිසා ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?