Skip to main content
ප්‍රශ්නය

මගේ ඔසප් කාලය සමහර මස වල දින 28 න් වාගේ සිද්ද වෙනවා. සමහර මාස වල දින 44 ක් වාගේ වෙනවා. මගේ සරු කාලය කොහොමද හොයා ගන්නේ?

අසන ලද්දේ: Sa*** · වයස 25

ඔසප් චක්‍රය අක්‍රමවත් විට සරු කාලය නිවැරදිව ගණනය කරන්න බැහැ. ඩිම්බ පිටවීම සිදු වෙන්නෙ ඊළඟ ඔසප් වීමට දින 14කට පෙර නිසා එය කලින් දැන ගන්න අපහසුයි. ඒ නිසා සතියකට දෙවරක් පමණ ලිංගිකව එක්වීම ප්‍රමාණවත්. මාස 6ක් උත්සාහ කලත් ගැබ් නොගත්තොත් ඩිම්බ මේරීම පරීක්ෂා කර බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.