Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට දින කිහිපයකට පෙර එක් වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can you get pregnant from sex a few days before a period is due?

මටයි මගෙ gfටයි දෙන්නටම අවුරුදු 25යි,අපි දෙන්නා මුණ ගැහුනම ලිංගිකව එකතු වෙනවා,,මේ පාර අපි එකතු වුනේ ජූලි 3 වෙනිදා... එයාට මෙන්සස් හැදෙන්න තිබුනේ ජූලි 7 වෙනිදා නිසා අපි ආරක්ෂාවට මුකුත් කරේ නෑ,,මොකද මන් අහලා තිබුනා මෙන්න්ස් වෙන්න කිට්ටු කාලෙදි එකතු වුනාට ප්‍රෙග්නට් වෙන්නේ නෑ කියලා,නමුත් අදට දවස් 6ක් පරක්කුයි තවම එයාට මෙන්න්ස් වෙලා නෑ,හැබැයි ගෑස්ටික් වැඩි වෙලා තිබුනා.සුද යෑමත් සිද්ද වෙනවා..,පුලුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උදව් කරන්න...එහෙම ප්‍රෙග්නට් වෙනවද,නැති නම් මේ පරක්කුව සාමන්‍යයි ද????

අසන ලද්දේ: Uj*** · වයස 25

පුළුවන්. ඔසප් වීමට දින කිහිපයකට පෙර ලිංගික එක්වීමකින් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩු වුවත් ඕනෑම දිනයක ගැබ් ගැනීමක් සිදු විය හැකියි. ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.