නම: sa*** | වයස: 27
ගැටළුව

වෛද‍්‍යතුමනි, vitamec folic acid 400mcg සමග glucophage 500mg ලබා දෙන්නේ කුමක් සදහාද​?? folic asid කොපමන කලයක් පාවිච්චි කල යුතුද​??මෙම දෙවර්ගයම එක වර ගැනීමේදී අතුරු ආබාද අැතිවේද​??ඒත් සමග එක 9 වාරයක් මා හට gonal injection ලබා දුනි.මේ ආකාරයට ප්‍රතිකාර ලබා දෙන්නේ කුමන තත්වයක් නිසාද​? thank you.

පිළිතුර


ෆෝලික් ඇසිඩ් ගැබ් ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ම ලබා ගත යුතු විටමිනයක්. ඉන් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇතිවීම වලක්වනව. මෙට්ෆෝමින් ඖෂධය දියවැඩියාව ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්නේ. සමහරවිට පොලිසිස්ටික් රෝග තත්වයේදීත් මෙය භාවිතා කරනව. හෝමෝන නික්ෂේපන ඩිම්බ වර්ධනය කිරීම සඳහා ලබා දෙන්නේ. මෙම ප්‍රතිකාර ලබා ගත යුතු වෙන්නේ විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ පමණයි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)