Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද‍්‍යතුමනි, vitamec folic acid 400mcg සමග glucophage 500mg ලබා දෙන්නේ කුමක් සදහාද​?? folic asid කොපමන කලයක් පාවිච්චි කල යුතුද​??මෙම දෙවර්ගයම එක වර ගැනීමේදී අතුරු ආබාද අැතිවේද​??ඒත් සමග එක 9 වාරයක් මා හට gonal injection ලබා දුනි.මේ ආකාරයට ප්‍රතිකාර ලබා දෙන්නේ කුමන තත්වයක් නිසාද​? thank you.

අසන ලද්දේ: sa*** · වයස 27 · 552 views

පිළිතුර

ෆෝලික් ඇසිඩ් ගැබ් ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ම ලබා ගත යුතු විටමිනයක්. ඉන් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇතිවීම වලක්වනව. මෙට්ෆෝමින් ඖෂධය දියවැඩියාව ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්නේ. සමහරවිට පොලිසිස්ටික් රෝග තත්වයේදීත් මෙය භාවිතා කරනව. හෝමෝන නික්ෂේපන ඩිම්බ වර්ධනය කිරීම සඳහා ලබා දෙන්නේ. මෙම ප්‍රතිකාර ලබා ගත යුතු වෙන්නේ විශේෂඥ වෛද්‍ය වරයෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ පමණයි.