Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ Deriphylin, Zinnat, Cetirizine දරුවාට හානිද?

Are Deriphylin, Zinnat and cetirizine safe in pregnancy?

Doctor මම මාස 4ක ගැබිනි මවක් ..මට කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවා.මට Vog doctor ලබා දුන් ඖෂධ වන්නේ Deriphylin 150mg , Zinnat 500mg , Cetrizin 10mg වේ..මෙම ඖෂධ දරුවාට බලපානවාද? හානිකර වේවිද?

අසන ලද්දේ: ****

නැහැ. ගර්භණී කාලයේ වෛද්‍ය වරයෙකු නියම කරන ප්‍රතිජීවක ඖෂධ සහ කැස්සට දෙන මෙවැනි ඖෂධ කෙටි කාලයක් ගැනීමෙන් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.