Skip to main content
ප්‍රශ්නය

hCG හරියට ඉහළ නොයන දරු ගැබක් බෙහෙත් වලින් බේරගන්න පුළුවන්ද?

Can medicine save a pregnancy when hCG is not rising properly?

මේ මගෙ 3 වෙනි බබා ..කලින් දෙන්නෙක් අයින් කලා.මට දියවැඩියාව තියෙනවා..බබෙක් පේන්නෑ කියලා ඩොක්ටලා කියනවා.beta hcg බැලුවා බබාගේ වර්ධනය අඩුයි...මගෙ දරුවව බේර ගන්න පුලුවන්ද ඩොක්ට බෙහෙත් වලින් හරි

අසන ලද්දේ: K.*** · වයස 29

නැහැ. රුධිරයේ hCG මට්ටම නිසි ලෙස ඉහල නොයන දරු ගැබක් ඖෂධ වලින් රැක ගන්න බැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. යටි බඩේ දැඩි වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න. නැවත ගැබ් ගැනීමට පෙර හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.