Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර්..මම ඉන්නේ ජපානයේ .මම දැන් සති 5 ක ගර්භණී කෙනෙක් .මම folic acid තාම ගත්⁣තේ නෑ.මෙහි වෛද්‍යවරුන් එය නිර්දේශ කරන්නේ නෑ.මම දැන් සිට folic acid ලබා ගත්තට කමක් නැද්ද? එය කොපමණ mg ප්‍රමාණයක් ද? බොහෝම ස්තුතියි!!

අසන ලද්දේ: Ka*** · වයස 36

ඔව්. දැන් සිටවත් ෆෝලික් ඇසිඩ් ගැනීම සුදුසුයි. ප්‍රමාද වී ආරම්භ කිරීමෙන් සැලකිය යුතු හානියක් වෙන්නෙ නැහැ. දිනකට මිලි ග්‍රෑම් 0.4ක් ප්‍රමාණවත්. මිලි ග්‍රෑම් 1ක පෙත්තක් ගැනීමෙනුත් හානියක් නැහැ.