Doctor මගේ පලවෙනි බාබා සති13 මිස්කැරේච් උනා ඉන් පසුව ඔසප් වීම දින 30න් 30ට ක්රමවත් ව ඔසප් වීම සිදු වුනා ඊට මාස 7කට පස්සේ නැවතත් මා pregnant උනා දරුවා ප්රසූතිය සදහා සති 40 සම්පුර්ණ වීමත් සමගම මා රෝහල් ගත වුනා 2022.12.04 දින දරුවා මියගිය අතර නෝමල් දරු ප්රසුතියක් තමයි සිදු කලේ එහෙත් මට මේ මාසයේ ඔසප් වීම තවම සිදු වූයේ නෑ එයට හේතුව මොක්කද? නැවත වරක් ගර්භනී වීම සදහා කොපමන කාලයක් සිටියයුතු ද?
දරු ප්රසූතියෙන් පසු සති 6ක් පමණ යන තුරු ඔසප් වීම සිදු නොවීම සාමාන්ය තත්වයක්. සති 13දී ගබ්සාවක් සහ සති 40දී දරුවා මිය යාම යන දෙකටම හේතුව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ අවශ්යයි. ඒ නිසා නැවත ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මාස 6ක් පමණ පසු නැවත ගැබ් ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?