Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ නොමේරීම කියන්නේ මොකක්ද?

What does it mean when the egg does not mature?

වෛද්‍යතුමනි ඩිම්බ නොමෙීරීම ( ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිට නොවීමද? / ඩිම්බයෙ වීශාලත්වය ප්‍රමාණය අඩු වීමද? මා ගේ ඩිම්බය තරමක් කුඩාය ඵ් නිසා ඔසප්වීම පහු වෙනවා ,තවද වම් පැත්තෙ ලේ කැටියක් තියනවා තියලාscan eken hoyagatta dn ekata beheth bonawa eth samahara welawata bdee gas pirila wage bada idimenawaa ,buriya wadee idimila wagee thiyanawa e mokdda kiyala oba thumata kiyanna puluwanda ,

අසන ලද්දේ: Ka*** · වයස 23

ඩිම්බයක් පිටවීමට පෙර එය මේරීමට ලක්විය යුතුයි. ඩිම්බ නොමේරීම කියන්නෙ ඩිම්බය වටා ඇති තරල පිරුණු ෆොලිකලය ප්‍රමාණවත් තරම් වර්ධනය නොවීමයි. එවිට ඩිම්බ පිටවීම සිදු වෙන්නෙත් නැහැ. බඩ ඉදිමීම ඔබ ගන්නා ඖෂධ නිසා හෝ ඩිම්බ කෝෂයේ ලේ කැටිය නිසා විය හැකියි. හදිසියේ දැඩි වේදනාවක් හෝ වමනය ඇති වුණොත් වහාම රෝහලට යන්න.