ඔසප් වීම මාස දෙකක් ප්‍රමාද වෙද්දී එක්වුණොත් ගැබ් ගන්නවද?
Can I get pregnant from sex while my period is two months late?
ඔපස් වී මාස දෙකකින් පසු තවම ඔපස් වී නොමැත. මේ වන විට ඔපස් වී මස 2ක් සහ දින 14 කින් ඔපස් වී නොමැත. මේ දින වල ලිංගික එකතු වීමකදී ගැබ් ගැනීමට හැකියාවක් තිබේද?
පුළුවන්. ඔසප් වීම ප්‍රමාද වී ඇති විට ඩිම්බය පිට වෙන දිනය අනුමාන කරන්න බැරි නිසා ඕනෑම දිනයක ගැබ් ගැනීමට ඉඩක් තිබෙනව. ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරන්නේ නම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. මාස දෙකකට වඩා ඔසප් වීම ප්‍රමාද වී ඇති නිසා මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් සහ මාස තුනක් දක්වා ඔසප් වීම සිදු නොවුනොත් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?