Skip to main content
ප්‍රශ්නය

අපි විවාහ වෙලා අවුරුද්දක් වෙනවා අපි දෙන්නම ගුරුවරු නමුත් පළාත් දෙකක ගුරුවෘත්තියෙහි යෙදෙන්නේ..අපි හම්බෙන්නේ නිවාඩුවක් තියන දවස් වලට..අපි දැනට දරුවෙක් බලාපොරොත්තු වෙන්න මාස 4ක වගේ කාලයක් පමනයි අවශ්‍ය දිනයේදී එකතු වුනේ.රැකියාව එක්ක අපිට දිගින් දිගටම එකතු වීමකට ඉඩ සැලසෙන්නේ නෑ. අපිට තාම දරුවන් නැ. මගේ බඩේ වේදනාවක් එනවා සැරින් සැරේ බඩ කොරවීමක් වගේ.මගේ මාශ ශුද්ධිය ආසන්න මාස 4 ගත්තොත් දෙසැ. 20 ජන 15 පෙබ 14 මාර්තු 17 . කලින් නියමිත පරිදි දින 28න් 29න් මට මාශ ශුද්ධිය වුනා.නමුත් දැන් චක්‍රය වෙනස් වෙලා..තවමත් අපි ඩොක්ටර් කෙනෙක් හමුවුනේ නෑ.

අසන ලද්දේ: ****

දින 26ත් 31ත් අතර ඔසප් චක්‍රයක් සාමාන්‍ය තත්වයක්. ඊළඟ ඔසප් වීමට දින 14කට පෙර ඩිම්බය පිට වෙන නිසා ඔබට ඔසප් වීම ආරම්භ වී දින 9ත් 19ත් අතර කාලය සරු කාලයයි. එම කාලයේ දින දෙක තුනක් එක්වීම ප්‍රමාණවත්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.