Skip to main content
ප්‍රශ්නය

අනේ doctor ..මගේ කන්‍යාභාවයට හානි නොවන විදියට මා පෙම්වතා සමග ලිංගික ක්‍රියාවක් සිදු කරා ඔසප් වී අවසන් වූ දිනට පසු දින..ඒ ඔහුගෙ ලිංගේන්ද්‍ර්‍ය මගේ යෝනියට මදක් ඇතුල් කිරීමෙන්..නමුත් මේ මස නියමිත දිනට මට ඔසප් වීමක් හෝ..දිනට පෙර සිදුවන වේදනාවක් ඇති වූයේ නෑ..එලෙස ගැබ්ගත හැකිද doctor

අසන ලද්දේ: Ne*** · වයස 20

පුළුවන්. ශිෂ්ණය යෝනි මාර්ගයට මදක් ඇතුළු කිරීමෙන් වුවත් ශුක්‍රාණු ඇතුළු වී ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම අවසන් වූ පසු දිනක එක්වීමෙන් ඒ සඳහා ඇති හැකියාව අඩු වුවත් නැත්තෙම නැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.