Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ යෝනි කැසීමත් ඇතුළේ තදින් යමක් දැනීමත් සාමාන්‍යද?

Is itching and a firm feeling in the vagina normal in pregnancy?

මම සති 34ක pregnant කෙනෙක්. දැනට සති එක හමාරකට විතර කලින් ඉදල යෝනි තොල්වල කැසීමක් තියෙනව.මම මද උනුසුම් වතුරට ඩෙටෝල් ටිකක් දාල දවසට එක පාරක් සෝදනව.ඒ වගේම ‍රාත්‍රී කාලයට private area එකට දාඩිය දානව ගොඩාක්ම. ගමේ clinic එකේ doctor කීව ඒක සාමාන්‍යයි බබා ලැබුණාම හරි යයි කියල.
ඊයෙ පැය කාලක් විතර යටි බඩ ටිකක් රිදුන.ඊයෙ රෑ සෝදද්දි යෝනි මාරගයෙ තදින් යමක් දැනෙනව.මෙහෙම වෙන්නෙ ඇයි. ඒක සාමාන්‍යයිද?පෙන්වන්න වෙයිද?
මොනාත් අමාරුවක් නැහැ දැන්නම්.ඒත් යෝනි මාර්ගයෙ තදින් යමක් අහු වෙනව.

අසන ලද්දේ: ****

කැසීම දිලීර ආසාදනයක් නිසා විය හැකියි. යෝනි ප්‍රදේශය සේදීමට ඩෙටෝල් හෝ සබන් භාවිතා කරන්න එපා. යෝනි මාර්ගය තුල යමක් දැනීම ගැන ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. යටි බඩේ වේදනාව හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.