ගැබිනි කාලේ යෝනි කැසීමයි ඇතුළේ තද යමක් දැනීමයි සාමාන්‍යද?
Itching and something hard in the vagina in pregnancy: normal?
මම සති 34ක pregnant කෙනෙක්. දැනට සති එක හමාරකට විතර කලින් ඉදල යෝනි තොල්වල කැසීමක් තියෙනව.මම මද උනුසුම් වතුරට ඩෙටෝල් ටිකක් දාල දවසට එක පාරක් සෝදනව.ඒ වගේම රාත්‍රී කාලයට private area එකට දාඩිය දානව ගොඩාක්ම. ගමේ clinic එකේ doctor කීව ඒක සාමාන්‍යයි බබා ලැබුණාම හරි යයි කියල.
ඊයෙ පැය කාලක් විතර යටි බඩ ටිකක් රිදුන.ඊයෙ රෑ සෝදද්දි යෝනි මාරගයෙ තදින් යමක් දැනෙනව.මෙහෙම වෙන්නෙ ඇයි. ඒක සාමාන්‍යයිද?පෙන්වන්න වෙයිද?
මොනාත් අමාරුවක් නැහැ දැන්නම්.ඒත් යෝනි මාර්ගයෙ තදින් යමක් අහු වෙනව.
කැසීම දිලීර ආසාදනයක් නිසා විය හැකියි. යෝනි ප්‍රදේශය සේදීමට ඩෙටෝල් හෝ සබන් භාවිතා කරන්න එපා. යෝනි මාර්ගය තුල යමක් දැනීම ගැන ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. යටි බඩේ වේදනාව හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?