ප්‍රශ්නය
වෛද්‍ය තුමනි AMH අගය 0.26 පවතින විටදී සාමාන්‍ය ලෙස දරුපිළිසිද ගැනීමක් බලාපොරොත්තු විය නොහැකිද,මේ සදහා ප්‍රතිකාර ලබාගෙන තත්වය යථා තත්වයට පත් කර ගැනීමට හැකියාවක් නොමැතිද,ඔබ තුමාගෙන් කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙම්.
පිළිතුර
මෙම අගය මගින් කියන්නේ ඔබේ ඩිම්බ කෝෂ වලින් නිපදවිය හැකි ඩිම්බ ප්‍රමාණය අඩු බව පමණයි. ඔබට සාමාන්‍ය ලෙස ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ ලබා දී එයට ඔබේ ඩිම්බ කෝෂ ප්‍රතිචාර දක්වන ආකාරය සොයා බැලිය හැකියි.