නම: ති***� | වයස: 23
ගැටළුව

වෛද්‍යතුමනී,මට ඔබගෙන් දැනගන්න ඕනේ සරු කාලය නමින් හදුන්වනු ලබන්නේ කුමන දවස් ද ? සරු කාලය දවස් කීයක් තියෙනවාද ? මම විවාහවී අවුරුද්දක් තාම මට බබෙකු ලැබුණේ නැහැ .මට සරු කාලය ගැන පැහැදිලි හැඳින්වීමක් ඔබගෙන් දැනගන්න පුළුවන් ද ? ඉතා ඉක්මනින් මා හට පිලිතුරක් ලබා දෙන්න .

පිළිතුර


සරු කාලය කියන්නේ දල වශයෙන් ගනනය කරන කාලයක්. එය දින 5ක් පමණ වෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනට දින 16 - 12 කට පෙර කාලය සරු කාලය ලෙස සැලකිය හැකියි. ඔබට වසරක කාලයක් පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒවායේ ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)