සරු කාලය කියන්නේ මොන දවස්වලටද? දවස් කීයක් තියෙනවද?
Which days are the fertile period and how long does it last?
වෛද්‍යතුමනී,මට ඔබගෙන් දැනගන්න ඕනේ සරු කාලය නමින් හදුන්වනු ලබන්නේ කුමන දවස් ද ? සරු කාලය දවස් කීයක් තියෙනවාද ? මම විවාහවී අවුරුද්දක් තාම මට බබෙකු ලැබුණේ නැහැ .මට සරු කාලය ගැන පැහැදිලි හැඳින්වීමක් ඔබගෙන් දැනගන්න පුළුවන් ද ? ඉතා ඉක්මනින් මා හට පිලිතුරක් ලබා දෙන්න .
සරු කාලය කියන්නේ දල වශයෙන් ගනනය කරන කාලයක්. එය දින 5ක් පමණ වෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනට දින 16 - 12 කට පෙර කාලය සරු කාලය ලෙස සැලකිය හැකියි. ඔබට වසරක කාලයක් පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒවායේ ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?