නම: පව***� | වයස: 28
ගැටළුව

සර්... ගර්භණී සමයේ උඩුබැලි අතට නිදාගැනීම සිදු නොකල යුතු යැයි පවසන්නේ කුමක් නිසාද..කිසියම් අවශ්‍යතාවයක් මත එසේ උඩුබැලි අතට නිදාගන්නේ නම් කොපමණ වේලාවක් එසේ සිටීම සුදුසු ද..ගර්භණී සමයේ නිදාගැනීමට සුදුසු ම ඉරියව් මොනවාද ..(මා සති 33 ක ගර්භණී මවකි)

පිළිතුර


උඩුබැල අතට සිටින විට ගර්භාෂයේ බර පිටුපස ඇති රුධිර වාහිනී මතට පැමිනෙන නිසා රුධිර ගමනාගමනය අවහිර වී දරු ගැබට ඔක්සිජන් සැපයුම අඩු වෙනව. ඒ නිසා එසේ සිටීම සුදුසු නැහැ. වම් පසට තරමක් (අංශක 15ක් පමණ) ඇලවන ලෙස සිටීම කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)