Skip to main content
ප්‍රශ්නය

ශරීර උෂ්ණත්වය වැඩි වුණාම ගැබ් ගන්නේ නැද්ද?

Does high body heat prevent conception?

Dr, sir api marry karala masa 6k paman wenawa.. daruwek hadanna godak uthsaha kara namuth daruwek nehe.. ma kisim upath palanayak anugamanaya karanneda netha... sharira ushnathwaya wedi unama pihitanne nedda.. me sadaha kumak karannada..

අසන ලද්දේ: S**** · වයස 22

ශරීර උෂ්ණත්වය සහ මදසරු බව ගැන බොහෝ දෙනෙක් විමසා සිටිනව. ඇඟේ උෂ්ණත්වය සාමාන්‍ය දැයි උණ කටුවක් භාවිතයෙන් තොරව බටහිර වෛද්‍ය විදාවේ පරීක්ෂා කරන ක්‍රමයක් නැහැ. උණ රෝග තත්වයක් ඇතිනම් ඊට ප්‍රතිකාර තිබෙනව. එසේ නොමැතිව දරුඵල ප්‍රමාදවීමට කාන්තාවගේ ශරීර උෂ්ණත්වය හේතුවක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවේ සලකන්නෙ නැහැ.

ගැබ් ගැනීම ප්‍රමාද වීමට වෙනත් හේතුවක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න පුළුවන්.