මුත්‍රා ආසාදන (Urinary Tract Infection – UTI) ගර්භණී සමයේ බහුලවම දක්නට ලැබෙන ආසාදන තත්වයක්. බොහෝ මුත්‍රා ආසාදන සංකූල නොවන අතර නිවැරදි ප්‍රතිජීවක ඖෂධයෙන් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී ඊට වැඩි අවධානයක් දිය යුතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් ආසාදනය වකුගඩු දක්වා ඉහළට ගමන් කරන්න පුළුවන් අතර නොමේරූ දරු උපත් සහ බර අඩු දරුවන් බිහිවීමේ අවදානමත් වැඩි කරන්න පුළුවන්. ගර්භණී සමයේ මුත්‍රා ආසාදන හඳුනා ගන්නා ආකාරය සහ ඊට ඇති ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ.
ගර්භණී සමයේ මුත්‍රා පද්ධතියේ වෙනස්කම් කිහිපයක් සිදු වෙනව:
කලින් මුත්‍රා ආසාදන ඇති වී තිබූ කාන්තාවන්ට සහ දියවැඩියාව ඇති අයට මේ අවදානම තරමක් වැඩියි.
මේ ලක්ෂණ දක්නට ලැබුනොත් පමා නොවී වෛද්‍යවරයෙකු හමුවෙන්න:
විෂබීජ වකුගඩු දක්වා ගමන් කළහොත් තත්වය බරපතල වෙනව. සමහර අවස්ථාවලදී රෝහල් ගත වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනව. මේ ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න:
ගර්භණී මවකගේ වකුගඩු ආසාදනයක් හදිසි තත්වයක්/ අවදානම් තත්වයක් ලෙසයි සලකන්නෙ. එය ඉබේ සුව වෙන තුරු බලා නෙසිට ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොමැතිව මුත්‍රාවල විෂබීජ තිබෙන්න පුළුවන් (asymptomatic bacteriuria). ගර්භණී සමයේදී මෙයත් වකුගඩු ආසාදනයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් නිසා සමහර අවස්ථාවලදී මුත්‍රා පරීක්ෂාවක් නිර්දේශ කරනව. ඔබට වැදගත්ම දේ තමයි නියමිත සායන පරීක්ෂාවලට පැමිණීම, මුත්‍රා පරීක්ෂාවක් නිර්දේශ කළහොත් එය සිදු කර ගැනීම සහ විෂබීජ ඇති බව හඳුනා ගතහොත් ලබා ලෙන ප්‍රතිකාරය සම්පූර්ණ කිරීම.
හඳුනා ගැනීම ඉතා සරල මුත්‍රා පරීක්ෂාවකින් සිදු කල හැකියි. ඉන් පසු බොහෝවිට culture පරීක්ෂාවකට යවා ආසාදනයට හේතු වූ විෂබීජය කුමක්ද, කුමන ප්‍රතිජීවක ඖෂධය වඩාත්ම සාර්ථකද කියල නිශ්චිතව හඳුනා ගන්නව. ප්‍රතිකාර ලෙස ගර්භණී සමයේ ආරක්ෂිතිව දිය හැකි ප්‍රතිජීවක ඖෂධයක් යොදා ගන්නව. මෙහිදී වැදගත් කරුණු කිහිපයක් තිබෙනව:
සරල පුරුදු කිහිපයකින් මේ අවදානම අඩු කර ගන්න පුළුවන්:
ගර්භණී සමයේ මුත්‍රා ආසාදන සුලබයි. නමුත් ඒවා පහසුවෙන් හඳුනා ගෙන, ආරක්ෂිතව ප්‍රතිකාර කරන්න පුළුවන්. වැදගත් වන්නේ කලින් ක්‍රියා කිරීමයි. යම් සැකයක් තිබේ නම් සරල මුත්‍රා පරීක්ෂාවකින් ඉක්මන් මේ බව සොයා බලන්න පුළුවන්. පමා නොවී වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON