Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ දකුණු ඇලයට නිදා ගන්න එක සුදුසු නැද්ද?

Is it unsuitable to sleep on the right side in pregnancy?

ඩොක්ටර්,මම දැනට පදිවිව සිටින්නේ ඉතාලියේ. නමුත් මා කැමති ලංකාවේ කෙනෙකුගෙන් ඒ සඳහා උපදෙස් ලබාගැනීමටයි.. මේ මාගේ පළවෙනි දරුගැබයි. අද වන විට සති 17 ක ගැබිනියක් වන අතර...
මට දැනගැනීමට අවශ්යයි... රාත්‍රි නින්ද තුළදී දකුණු ඇලයට නිදා ගැනීම සුදුසු නොවේ ද.. එසේ නිදා ගෙන වම් ඇළයට හැරෙන විට කුස තුල වේදනවක් ගෙන දෙන්න ඇයි ද යන්නයි... මගේ පළමු අත්දැකීම නිසාවෙන කිසියම් බියක් ඇති නමුදු.. නොදන්න නිසා මේ ගැන දැනගැනීමට කැමත්තෙන් සිටිමි,. සිතූති ඔබට...

අසන ලද්දේ: ni*** · වයස 28

ඔබට පහසු පරිදි දකුණු පසට හෝ වම් පසට හැරී නිදා ගැනීම සුදුසුයි. උඩුබැලි අතට නිදා ගැනීමයි අහිතකර වෙන්නේ. මේ කාලයේ උදරයේ සුළු වේදනාවන් ඇති වීම සාමාන්‍ය තත්වයක්.