Skip to main content
ප්‍රශ්නය

මගේ ගුද මාර්ගය ලගින්ම සැරව බිබිලක් ආවා.එක දවස් හතරකට කලින් කැඩිලා සැරව එලියට ආවා.ලේ මුකුත් අවේ නැ.සැරව ගෙඩිය තියෙනකම් මට ඒ ගෙඩිය හරියේ කැක්කුමක් තිබ්බත් වෙන කිසිම අපහසු තාවයක් තිබ්බෙ නැ.දැන් ඒ ගෙඩිය කැඩිලා දවස් හතරක් විතර වෙනවා.සැරව ලේ කිසිම දෙයක් අවේ නැ.මට තට්ටම් වල රිදිමක් ද නැ.බඩ රිදෙන්නෙ උණ ඒ මුකුත් අපහසු තාවයක් නැ.හොදට ටොයිලට් යනවා.දැන් ඒ ගෙඩිය කැඩිලා ගියාට පස්සේ නිකන් දිය පට්ටයක් කැඩිලා ගියා වගේ සිවියක් විතරයි තියෙන්නෙ.මට දැන ගන්න ඔනේ මෙක fistula එකක්ද කියලා.නැත්තම් බගන්දරාවක්ද කියලා.මම මේ ගැන හිතලම මානසිකව වැටිලා ඉන්නේ.අනේ මට උත්තරයක් දෙන්න

අසන ලද්දේ: Ch*** · වයස 19

පරීක්ෂාවකින් තොරව මෙය fistula තත්වයක් දැයි පැවසීම අපහසුයි. ගුද මාර්ගය අසල සැරව ගෙඩියක් පිපිරුණු පසු බොහෝවිට එය සුව වී යන නමුත් සමහර විට නැවත ඇති වීමට හෝ fistula තත්වයක් ඇති වීමට ඉඩ තිබෙනව. ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.