Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් කැපුමේ රිදෙන ගැටයක් ස්කෑන් කරන්න බය වෙන්න ඕනෙද?

Should I fear a scan for a painful lump on my caesarean scar?

dr මගේ වයස අවුරුදු 31.මම විවාහ වෙලා අවුරුදු 9යි.මගේ පුතාට අවුරුදු 4යි.මගේ ප්‍රශ්නය තමයි මගේ බාබා ලැබුණේ සීසිරියන් සැත්කමකින්.මගේ ඔපරේෂන් කරපු ස්තානයේ දකුණු පැත්තෙ ගැටයක් වගෙ තියෙනවා එතන රිදෙනවා.සර්ජන් කෙනෙකුට පෙන්නුවා ඒ doctor kiuwe සීසිරියන් එකේ මැහුම්වවල ගැටිත්ත වගේ කියලා .scan ekak කරන්න kuwa bayai doc scan කරන්න.podi සහනදායි පිළිතුරක් obathumagen බලාපොරොත්තු වෙමි

අසන ලද්දේ: Ja*** · වයස 32

ස්කෑන් පරීක්ෂණයට බිය විය යුතු නැහැ. ඉන් කිසිම හානියක් වෙන්නෙ නැහැ. කැපුමේ ගැටය මැහුම් ආශ්‍රිත පටක වර්ධනයක් හෝ කැපුමේ එන්ඩොමෙට්‍රියෝසිස් නිසා විය හැකි අතර ස්කෑන් පරීක්ෂණයකින් එය හඳුනා ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.