සිසේරියන් සැත්කමෙන් අවුරුද්දක් ඇතුළත ගැබ් ගැනීම අවදානම්ද?
Is getting pregnant within a year of a caesarean risky?
ඩොක්ටර් මට නිවුන් දරුවන් 2ක් ඉන්නවා මාස 11 දවස් 15ක් වෙන්වා. ඒ දෙන්නම සිසේරියන් සැත්කමකින් ගත්තේ සති 30න්.
ඩොක්ටර් මං මේ කාලේ තුල හස්බන් එක්ක එක වතාවක් ලිංගිකව එක් උනා නමුත් ශුක්‍රාණු ගර්භාෂය තුළට පිටවීමක් සිදු වුනේ නෑ. මට දැනගන්න ඕන ගැබ් ගැනීමක් සිදුවන්නට හැකිද?
යන වග සහ සිසේරියන් සැත්කමකින් පසුව අවුරුදු 2ක් යනක්න් දරුවන් හදන්න හොද නැද්ද ?
කියලා සහ එසේ ගැබ් ගැනීමක් සිදු වූයේ නම් ගර්භාෂය පිපිරීමට ලක් වීමේ අවදානමක් තිබේද ?කියලා දැන ගැනීමට ඕන
පුළුවන්. ශුක්‍රාණු පිටවීමට පෙර පිටවෙන තරලයේත් ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. සිසේරියන් සැත්කමකින් පසු අවුරුද්දක් පමණ ගත වී නැවත ගැබ් ගැනීම සුදුසුයි. ඊට කලින් ගැබ් ගත්තත් දරුවාට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ගර්භාෂයේ කැළල පිපිරීමේ අවදානම නිසා නියමිත දිනයට කලින් සැලසුම් කල සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කරනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දකට පසු ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant one year after a caesarean?
සිසේරියන් කළාට පසු ලංකාවේ සාමාන්‍ය ප්‍රසූතියක් කරනවද?Is a normal delivery after a caesarean (VBAC) done in Sri Lanka?
සිසේරියන් කැපුමේ රිදෙන ගැටයක් ස්කෑන් කරන්න බය වෙන්න ඕනෙද?Should I fear a scan for a painful lump on my caesarean scar?
සිසේරියන් 4කට පසු නැවත දරුවෙක් ලබන්න පුළුවන්ද?Can I have another baby after four caesareans?