Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් 4කට පසු නැවත දරුවෙක් ලබන්න පුළුවන්ද?

Can I have another baby after four caesareans?

සීසේරියන් 4ක් සිදුකල වයස අවුරුදු 31 වන මවකට නැවතත් දරු ප්‍රසූතියකට සූදානම් විය හැකිද සජිවී දරු උපත් 2කට පසු මලදරු උපතක් සහ ඉන්පසු සජිවී දරු උපතක් සිදුවී දැනට වසර 4ක් අවසන්.

අසන ලද්දේ: Sl*** · වයස 31

පුළුවන්. සිසේරියන් සැත්කම් ගණනට නිශ්චිත සීමාවක් නැති නමුත් එක් එක් සැත්කම සමග අවදානම වැඩි වෙනව. විශේෂයෙන් වැදෑමහ කැපුම මත පිහිටුවහොත් අධික රුධිර වහනයක් ඇති වීමට අවදානමක් තිබෙනව. ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.