Skip to main content
ප්‍රශ්නය

පියයුරු වල රෝම වැඩියෙන් වැවෙන්නේ ඇයි?

Why does excess hair grow on the breasts?

පියයුරුවල අදික ලෙස රෝම වර්ධනය වන්නේ ඇයි?මෙයට නිවසේ සිට කල හැකි ප්‍රතිකාරයක් තිබේද?නැතහොත් බීමට පුලුවන් බෙහෙතක් හෝ ආලේප කල හැකි දෙයක් තිබේද?මම අවිවාහකයි

අසන ලද්දේ: la*** · වයස 24

මෙයට හේතු ගනනාවක්ම තිබෙනව. වැඩිදුර පරීක්ෂණ වලින් තොරව ස්ථිර හේතුවක් කියන්න අමාරුයි. බොහෝ විට හෝමෝන අසමතුලිත බවක් නිසා මෙය ඇති වන්න පුළුවන්. රුධිර පරීක්ෂණ මගින් මෙය දැන ගත හැකියි. ඔබ මින් පෙර පරීක්ෂාවකට ලක්වී නැත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

ඖෂධ මගින් ප්‍රතිකාර කරන්නේ නිවැරදි රෝග විනිශ්චයකින් පසුවයි. නමුත් ඔබට අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට පමනක් අවශ්‍යනම් එ් සඳහා බොහෝ ක්‍රම තිබෙනව. මේ ගැන ඔබේ රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් දැන ගත හැකියි.