Skip to main content
ප්‍රශ්නය

දිනකට 10 වතාවකට වඩා මුත්‍රා යන්නේ ඇයි?

Why do I pass urine more than ten times a day?

ගරු වෛද්‍ය තුමනි,
මාගේ ගැටලුව වන්නේ දිනකට 10 කට වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීමයි. මේ තත්ත්වය හැදුනම සති තුනක් පමණ තියෙනවා ආය ඉබේම අඩු වෙලා නැවත ආයමත් මාසයක් හෝ දෙකකින් නැවතත් පෙර පරිදි හැදෙනවා. සුගර් පරීක්ෂාවක් කරා. ඒව නෝමල්. මෙයට පිළිතුරක් ලබා දෙන්න.

අසන ලද්දේ: අස*** · වයස 39

මෙයට හේතුව බොහෝවිට මුත්‍රා ආසාදනයක් හෝ මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයේ ගැටළුවක් විය හැකියි. රෝග ලක්ෂණ තිබෙන කාලයේදී මුත්‍රා පරීක්ෂණයක් කර බැලීම අවශ්‍යයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.