Skip to main content
ප්‍රශ්නය

මට නිතරම මූත්‍ර පිටවෙනවා දැන් අවුරුදු 3ක් තිස්සම මේ ලෙඩේ තියෙනවා සාමාන්‍ය වතුර ටිකක් බිව්වොත් විනාඩි 10න් 10ට වගේ මූත්‍ර කරන්න ඕන එහෙම නැති වුනොත් යටිබඩ පුපුරන්න රිදෙනවා වතුර බොන් නැතිව හිටියත් දවසට 10 වතාවට වඩා යනවා reta නිදාගන්නම බෑ මූත්‍ර බර හැදෙනවා හැම දෙයක්ම චෙක් කරා කිසිම දෙයක් නෑ කිවුවා ඒත බෙහෙත් දෙනවා.දැන් මාස 4කට උඩදි දැන ගත්ත මට ආතරයිටිස් වගේම කොලොස්ටරෝල් තියෙනවා කියලා මං ගොඩාක් මහාත කෙනෙක් නෙමෙයි මේ ලෙඩ නිසා ද මූත්‍ර පිටවෙන්නේ කියලා ද මට දැන ගන්න ඕන මේ ලෙඩේ නිසා මානසිකව වැටිලා ඉන්නේ මට මෙකට විසඳුමක් ලබා දෙන්න කියලා කාර්ණිකව ඉල්ලා සිටිනවා. ඔබතුමාව මුණගැහෙන්න පුලුවන්නනම් ලොකු දෙයක්

අසන ලද්දේ: D.*** · වයස 23

පරීක්ෂණ සියල්ල සාමාන්‍ය නම් මෙය බොහෝවිට මුත්‍රාශය අධික ලෙස ක්‍රියාකාරී වීම නිසා ඇතිවෙන තත්වයක්. ආතරයිටිස් හෝ කොලෙස්ටරෝල් නිසා මෙය ඇති වෙන්නෙ නැහැ. මුත්‍රාශය පුහුණු කිරීම සහ ඖෂධ මගින් එය පාලනය කළ හැකියි. සායනයේදී මා හමුවීමට හැකියාව තිබෙනව.

https://book.sugabimedicare.com