නම: na*** | වයස: 31
ගැටළුව

වෛද්‍යතුමනි මා සති 28 ක ගැබිණියකි මාගේ හෘද ස්පන්දනයේදී ශබ්දයක් ඇති බව වෛද්‍යවරයා පැවසු අතර එය දිගටම පැවතුනහොත් පපුව ස්කෑන් කර බැලිය යුතු බව ද පැවසීය මීට පෙර එසේ ශබ්දයක් නොතිබුනි එම රෝගි තත්වය කුමක්ද එයින් දරුවාට බලපෑමක් ඇති වෙනවාද

පිළිතුර


ගර්භණී කාලයේ හෘදයේ අසාමාන්‍ය ශබ්ද ඇතිවෙන අවස්ථා තිබෙනව. මෙය කුමක්දැයි නිවැරදිවම දැන ගැනීමට Echo පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි. බොහෝ විට මෙය සාමාන්‍ය තත්වයක් වෙන්න පුළුවන්. කලාතුරකින් ඇතිවෙන අසාමාන්‍ය තත්වයකදී වුවත් ඉන් වැඩිපුර බලපෑම ඇති වෙන්නේ ඔබටයි. දරුවාට බලපෑමක් වීමට ඇති ඉඩ කඩ අඩුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)