Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් මාසයක ගැබ් ගැනීම ගබ්සාවකට හේතුවක්ද?

Can conceiving in an irregular cycle cause a miscarriage?

ඩොක්ටර් මම මැයි මාසෙ ගර්භනී වුණත් මාසෙකින් වගෙ බබා නැති වුණා . බබාගේ පල්ස් පේන්නෙ නෑ කිව්වා . ඒ මගේ පළවෙනි බබා .ඒ වගේම කැප්සූල් එකක් ඇතුල් කරලයි ගර්භනීතාවය අයින් කළේ .
මගේ පීරියඩ්ස් මසයක් හැර මාසයක් ක්‍රමවත් . එක මාසෙක දවස් 33 , 34 න් වගෙ හැදුනත් අනිත් මාසෙ 43 , 56 තරම් කල් යනවා . මම ගර්භනී වූයෙත් අක්‍රමවත් මාසෙකයි .

බබා නැතිවෙන්න ඒක හේතුවක් වෙන්න පුලුවන්ද ඩොක්ටර් ..
තාම බබෙක් ගැන හිතුවෙ නෑ අපි ..බබෙක් ගැන හිතද්දී ඩිම්බ හොදින් මෝරන ක්‍රමවත් මාසෙකම ඒ සදහා උත්සාහ කළ යුතුද ?
ඊළග ගර්භනීභාවයෙදි මා පරිස්සම් විය යුත්තේ කෙසේද ? මා කිසිදු අමතර පරීක්ෂණ සිදු කර නොමැත .

අසන ලද්දේ: Wa*** · වයස 31

නැහැ. ගබ්සාවකට මෙය හේතු වෙන්නේ නැහැ. නැවත ගැබ් ගැනීමට ඕනෑම මාසයක උත්සාහ කල හැකියි. බොහෝ ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටි කලලයේ අසාමාන්‍යතාවයන් නිසා නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. කෙසේ වෙතත් නැවත ගැබ් ගත් වහාම නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.