කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් තිබෙනවා. මේවායින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සිදු වනවා. ඩිම්බ කෝෂ දෙක පිහිටා තිබෙන්නෙ ගර්භාෂයට ආසන්න ව ඊට පිටුපසින්. ඩිම්බ කෝෂයක ඇති වන බොහෝ ගෙඩි පිළිකා නෙමෙයි. නමුත් සමහර කාන්තාවන්ට ඩිම්බකෝෂ වල පිළිකා ඇතිවෙනවා. බොහෝ විට මෙම පිළිකා ඇති වන්නේ ඩිම්බ කෝෂයේ මතුපිට ඇති සෛල වලින්. ඒවා epithelial cancer ලෙස හඳුන්වනවා. මීට අමතරව ඩිම්බ කෝෂයේ ඇතුළත සෛල ස්තර වලින් හට ගන්නා පිළිකා තිබුනත් ඒවා එතරම් සුලභ නැහැ.
ඩිම්බ කෝෂවල පිළිකා සඳහා අවදානම් තත්වයන්
වයස (80% ක් පමණ මෙම පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන්ට)
තරබාරු බව
පවුලේ කිසිවකුට ඩිම්බ කෝෂයේ හෝ පියයුරු පිළිකාවක් තිබීම.
ජීවිත කාලය තුල ඩිම්බ පිටවී ඇති වාර ගනන. (මවු කිරි දීමේ දී සහ පවුල් සැලසුම් පෙති භාවිතා කිරීමේ දී ඩිම්බ පිටවීමක් සිදු නොවන නිසා එවැනි කාන්තාවන්ට පිළිකා අවදානම අඩුයි.)
ඔබට පහත රෝග ලක්ෂණ ඇත්නම් ඩිම්බකෝෂ පිළිකාවක් ඇත් දැයි සැක කරන්න පුළුවන්.
යටි බඩේ වේදනාව
ලිංගික එක්වීමේ දී ඇති වන බඩේ වේදනාව
බඩ ඉදිමීම
කෑම අප්‍රිය කම සහ බඩේ පිරුණු ස්වභාවය
මල පහ කිරීමේ දී සහ මුත්‍රා පිට කිරීමේ දී ඇති වන අපහසුතාවන්
මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්. එහි දී වෛද්‍ය වරයා ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරනව. එමගින් ඩිම්බ කෝෂවල අසාමාන්‍යතා වන් හඳුනා ගන්න පුළුවන්. පිළිකාවක් ඇති බවට සැකයක් ඇත්නම් වෛද්‍ය වරයා CA125 ලෙස හඳුන්වන රුධිර පරීක්ෂණයක් නිර්දේශ කරනව. එහි අගය සහ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත පිළිකාවකට ඇති අවදානම දැන ගන්න පුළුවන්.
ඩිම්බ කෝෂ පිහිටා ඇත්තේ උදරය ඇතුළත නිසා මෙම පිළිකාවක් තරමක් විශාල වන තෙක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එම නිසා මූලික අවස්ථාවේ දී මෙය හඳුනා ගැනීම අසීරුයි. නමුත් එසේ හඳුනා ගතහොත් ශල්‍ය කර්මයක් මගින් සම්පූර්ණයෙන්ම පිළිකාව ඉවත් කල හැකියි.
ඩිම්බ කෝෂයේ පිළිකාවක් ඇති බොහෝ කාන්තාවන්ට ශල්‍යකර්මයකට භාජනය වීමට සිදු වනවා. එහි දී ගර්භාෂය, ඩිම්බ කෝෂ, පැලෝපීය නාල සහ omentum ලෙස හඳුන්වන බඩවැලට සම්බන්ධ මේද ස්තරයක් ඉවත් කිරීම සිදුවනව. ඉන් පිටතට පැතිරුණු පිළිකාවක් නම් හැකි තරම් පිළිකා පටක ඉවත් කිරීම ශල්‍යකර්මයේ දී සිදුකරනව. නමුත් පමාවී හඳුනා ගන්නා පිළිකාවක් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අපහසුයි. එවැනි අවස්ථාවක ශල්‍යකර්මයට අමතරව පිළිකා නාශක ඖෂධ වර්ග ප්‍රතිකාර සඳහා යොදා ගන්නව. මෙම ප්‍රතිකාර මගින් පිළිකා සෛල හැකිළීමකට ලක්වනව. නමුත් මෙම ඖෂධ මගින් අතුරු ආබාධ ඇතිවිය හැකියි.
ප්‍රතිකාර වලින් පසු වරින් වර සායනයේ දී පරීක්ෂාවට ලක් වීම අවශ්‍යයි. එමගින් පිළිකාව නැවත ඇතිවේදැයි පරීක්ෂා කර බලනව. නැවත ඇති වන පිළිකාවක් සම්පූර්ණයෙන් සුව කිරීම අපහසු නමුත් ශල්‍යකර්ම සහ ඖෂධ මගින් තරමක් දුරට පාලනය කර ගත හැකියි.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON