Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ සීසර් කැළැල මත පිහිටියොත් කොහොම බලපායිද?

How does a placenta lying over the caesarean scar affect things?

Dr,
පළමු දරුවා සිසේරියන් සැත්කමකින් බිහි වූ පසු දෙවනි දරුවා ගැබ් ගැනීමේදී placenta එක එම සිසේරියන් කැනල් එක මත පිහිටීම කෙසේ බලපායිද?ස්තූතියි.

අසන ලද්දේ: පූ*** · වයස 30

දරු ප්‍රසූතිය අවස්තාවේදී අධික රුධිර වහනයන් ඇතිවීමට මේ තත්වය හේතු වෙනව. සමහරවිට ජීවිතය බේරා ගැනීම සඳහා ගර්භාෂය ඉවත් කිරීමට පවා මේ නිසා සිදු වෙනව. නමුත් වැදෑමහ පිහිටි ස්ථානය වෙනස් විය හැකි නිසා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසුයි.