ගර්භණී කාලයේ දී උදරයේ ඇති වෙන stretch marks සමහර විට බොහෝ කාලයක් නො මැකී තිබෙන්න පුළුවන් නිසා මේවා කාන්තාවකගේ රූපලාවණ්‍යයට ගැටළුවක් විය හැකියි. මෙම කැලැල් ඇතිවීම ගැන සහ ඊට විසඳුම් ගැනයි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ.
ගර්භණී කාලයේ බබා ටිකෙන් ටික වර්ධනය වීමත් සමග ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වන විට උදර බිත්තිය ඇදීමට ලක් වෙනවා. මේ නිසා සම මතුපිටට පහලින් ඇති ස්තරයේ ඉරි තැලීමක් මෙසේ stretch mark ලෙස පිටතට පෙනෙනවා. මේ අවස්තාවේදී සමේ කැසීමක් ඇතිවෙන්නත් පුළුවන්. මෙලෙස ඇති වෙන කැලැල් සමහර විට අවපැහැ ගැන්වීමත් දක්නට ලැබෙනව. මෙම කැලැල් වෛද්‍ය විද්‍යාවේ Striae gravidarum ලෙස හඳුන්වන අතර ඒවා ඇතිවීමට අවදානම් ලක්ෂණ ලෙස පහත හේතු හඳුනා ගෙන තිබෙනවා.මෙම හේතු නොමැති වත්, ඕනෑම කාන්තාවකට ගර්භණී කාලයේ stretch marks ඇති වෙන්න පුළුවන්.
සමේ ඇතිවෙන මෙවැනි කැලැල් කාලයත් සමග සෙමින් මැකී යන නමුත් බොහෝ කාන්තාවන් මේ ගැන පසු තැවිලි වෙන නිසා ඒවා ඇති වීමට පෙර වළක්වා ගන්නා ආකාරය ගැන වෛද්‍ය වරුන් ගෙන් විමසනවා. වෛද්‍ය පර්යේෂණ මගින් ස්ථිරව ම stretch marks වළක්වන බවට තහවුරු කර ඇති ඖෂධ තවමත් නොමැති වුවත් මේ සඳහා භාවිතා කල හැකි ආලේපන වර්ග රැසක් දැනට වෙළඳපොළේ තිබෙනවා. Bio oil නම් ආලේපනය සහ cocoa butter අඩංගු ක්‍රීම් වර්ග විවිධ වෙළඳ නාම වලින් ඖෂධ හල් වලින් මිල දී ගැනීමට පුළුවන්. ඔබට සුදුසු ආලේපනයක් ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් විමසා දැන ගත හැකියි.
ගර්භයට සති 20ක් පමණ වන කාලයේ සිට මෙම ආලේපනයක් දිනපතා උදරයේ ආලේප කර සෙමින් සම්බාහනය කිරීම මගින් සම මතුපිට රුධිර වහනය සහ පටක වල ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා stretch marks ඇතිවීම බොහෝ දුරට වළක්වා ගන්න හැකියාව තිබෙනව. Stretch marks ඇති වීමෙන් පසු ඒවා මැකී යාම සඳහාත් මෙම ආලේපන වර්ග භාවිතා කල හැකියි.
ඊට අමතරව සමබල ආහාර වේලක් ලබා ගැනීම, දිනපතා ව්‍යායාම වල යෙදීම, සහ ගැබ් ගැනීමට පෙර සිරුරේ බර නිසි මට්ටමට පවත්වා ගැනීමත් stretch marks ඇතිවීම අවම කර ගන්න උපකාරී වෙනවා.
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.
SHARE THIS WITH FRIENDS ON