VOG.LKReels

ගර්භාෂය ඉවත් කිරීමේ අතුරු ආබාධ තිබෙනවාද?

ඕනෑම ශල්‍යකර්මයක අතුරු ආබාධ තියෙනව. ප්‍රධාන ඒවා තුන අධික රුධිර වහනය, වේදනාව සහ තුවාල ආසාදනයි. ශල්‍යකර්මයේ අවදානම සහ එය නොකළොත් රෝගය නිසා ඇතිවන ගැටලු සංසන්දනය කර වඩාත් සුදුසු දේ තෝරනව. ලැපරොස්කොපි සැත්කමකින් මේ අතුරු ආබාධ තුනම අවම කරගන්න පුළුවන්.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK