VOG.LKReels

ගර්භාෂය ඉවත් කරන ක්‍රම මොනවාද?

ගර්භාෂය ඉවත් කිරීමට ක්‍රම තුනක් තියෙනව: විශාල කැපුමක් යොදා කරන විවෘත ශල්‍යකර්මය; සෙන්ටිමීටරයක පමණ කැපුම් තුළින් කැමරාවක් සහ සියුම් උපකරණ යොදා කරන ලැපරොස්කොපි ශල්‍යකර්මය; සහ පිටතට පෙනෙන කැපුමක් නැතිව යෝනි මාර්ගය හරහා ඉවත් කිරීම. ලැපරොස්කොපි ක්‍රමයේදී වේදනාව අඩුයි, බොහෝ විට එදිනම හවස නැගිට ඇවිදින්න පුළුවන්. සාමාන්‍යයෙන් වඩාත්ම සුදුසු ලෙස නිර්දේශ කරන්නේ එයයි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK