VOG.LKReels

ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන්නේ කවර අවස්ථාවලද?

ගර්භාෂයේ ගැටලුවක් හඳුනාගත්තම පළමු පියවර වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීමයි. බොහෝ ගැටලු මුල් අවස්ථාවේදී ඖෂධ මගින් පාලනය කරන්න පුළුවන්. ඖෂධවලින් පාලනය නොවන අධික වේදනාව, සිරුරේ ලේ අඩු වන තරමේ රුධිර වහනය, ගර්භාෂ පිළිකාවක් හෝ ඉතා විශාල ගෙඩියක් වැනි තත්ත්වයකදී ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය නිර්දේශ කරනව.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK