VOG.LKReels

ඩිම්බකෝෂ ගෙඩි සඳහා ප්‍රතිකාර මොනවාද?

ඉබේම හැකිලී යන ගෙඩියක් නම් මාස දෙක තුනකින් නැවත scan පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්. වේදනාවට වේදනානාශක සහ hormone ඖෂධ ලබා දෙන අතර, දරු ඵල ප්‍රමාද වෙනවා නම් ඒ සඳහාත් ප්‍රතිකාර තිබෙනව. ප්‍රතිකාරවලින් හැකිලී නොයන ගෙඩි ශල්‍යකර්මයකින් ඉවත් කරනව. පිළිකාවක් වැනි තත්ත්වයක හැරෙන්නට වඩාත්ම සුදුසු ලැපරොස්කොපි සැත්කමයි, මොකද විවෘත සැත්කමකදී ඇලීම් ඇතිවීමේ අවදානම වැඩියි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK