ඩිම්බකෝෂවල ඇතිවන ගෙඩි කියන්නේ මොනවාද?
ඩිම්බකෝෂයක ගෙඩියක් කියන්නේ බොහෝ වෙලාවට තරල පිරුණු අවකාශයක්. ඩිම්බය හැදෙන අවකාශය සෙන්ටිමීටර් තුනක් හතරක් වුණාම scan පරීක්ෂණයකදී ගෙඩියක් වගේ පෙනෙනව; එය මාසයක් දෙකක් ඇතුළත ඉබේම ඇකිලී යනව. ඊට අමතරව cystadenoma සහ endometriosis නිසා ඇතිවන ගෙඩි තිබෙනව; ඉතාම කලාතුරකින් පිළිකා තත්ත්වයන් නිසාත් ඇතිවෙනව. ගෙඩියක් තිබූ පමණින් ගැටලුවක් නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK